මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිරිමල්වත්ත බටහිර ග්‍රාමසේවා වසමේ පිහිටි මෙම විදුහල, මහවැලි ගඟ අසළ මඳ බෑවුම් සහිත ප්‍රදේශයක පිහිටා ඇති, ඉතා අගනා භෞතික සම්පතක් ලෙස සැලකිය හැකිය. භූමියේ පිහිටීම අනුව, පන්ති කාමර හා අනෙකුත් අවශ්‍ය පහසුකම් සකස් කර ඇත. වර්තමානයේ, වගා කටයුතු සඳහා පාසල් භූමිය යොදා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත. මෙම විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු, ප්‍රාථමික හා ද්විතීය අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
අභියෝග ජයගත හැකි නැණ ගුණ සපිරි සිසු පිරිසක් දැයට දායාද කිරීම
හිස දැනුමෙන්ද හද යහපත් ආකල්පයෙන්ම දෑත නිර්මාණශීලී කුසලතාවෙන්ද පිරිපුන් දරු පරපුරක් සමාජයට දායාද කරලීම