ශ්‍රී දළදා වහන්සේගේ පහස ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජධානියේ සෙන්කඩගල පුරවරයේ උයනක්ව පැවති සිරිමල්වත්ත යන නමින් දැනට හඳුන්වන සුන්දර ගම්මානයක කුඩා කඳු ගැටයක් මත මෙම සිරිමල්වත්ත යන නමින් දැනට හදුන්වන සුන්දර ගම්මානයක කුඩා කදු ගැටයක් මත මෙම විදුහල පිහිටා ඇත.
මෙම විදුහල ආරම්භ කර ඇත්තේ 1952 වර්ෂයේය. මෙම විදුහල ආරම්භ කරන අවස්ථාවේ තිබී ඇත්තේ පොල් අතු මඩුවක් පමණි. එම පොල් අතු මඩුව ඉදි කිරීම සඳහා ඉඩම ලබා ඩී ඇත්තේ එවකට එම ප්‍රදේශයේ ජීවත් වූ දානපතියෙක් වූ ඩිංගිරි බණ්ඩා මහතාය. විදුහලේ ආරම්භක ගුරුවරයා මෙන්,ම එකම ගුරුවරයා වූයේ එන්.බී. අමුණුගම මහතා වන අතර ආරම්භයේදී අධ්‍යාපනය ලබා ඇත්තේ ශිෂ්‍යාවන් 24 දෙනෙකි.
ගම්මානය තුල පාසලක් ආරම්භ කිරීමේ අදහස ඇති වීමෙන් පසු ඒ පිළිබඳව මහත් වෙහෙසවී කටයුතු කල අය ගැන විදුහල් ඉතිහාසයේ සඳහන් වේ. ඒ ඇය අතර ඉඩම පරිත්‍යාග කල එච්.එම්.බී. ඩිංගිරි බණ්ඩා සමග ටී.බී. සමරතුංග (හිටපු ගම් සභාපති), කෝන්ගහගේ මහතා, සමරකෝන් මහතා, රිචඩ් සමරනායක මහතා , ජෝර්ජ් ගැට්ටේපොළ මහතා, එච්.එම්.බී. මුදලිහාමි මහතා, ආර්.ඒ.පොඩි අප්පුහාමි මහතා, එම්.එල්. අබේරත්න මහතා පුංචි බණ්ඩා මහතා, විලියම් මහතා, කොරනේරිස් මහතා, සේගු මහතා, ජෝන් සිංf[da මහතා හා කළු බණ්ඩා මහතා යන අය විශේෂයෙන් සඳහන් කල හැක.
මෙලෙස ආරම්භ කරන ලද පාසල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමත් සමගම ස්ථීර ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඉඩම් ලබා ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇත්තේ එවකට අගමැතිව සිටි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය. ඒ අනුව සන්දනන් පුල්ලේ මහතාට අයත්ව තිබු ඉඩමෙන් අක්කර 4 ක ප්‍රමාණයක් රජයට පවරා ගෙන මෙම විදුහලේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා වෙන් කරන ලදී.
එසේ ස්ථීර ඉඩම වෙන් කර ගැනීමෙන් පසුව 1955 වර්ෂයේ ප්‍රථම ගොඩනැගිල්ල සඳහා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී හා ස්වදේශ කටයුතු භාර ගරු ඇමති ඒ. රත්නායක මැතිතුමා විසින් මුල් ගල තබන ලදී. එම ගොඩනැගිල්ල සාදා නිම කර සිසුන්ගේ ප්‍රයෝජනය සදහා විවෘත කිරීමත් සමගම විදුහල්පතිවරයා සදහා නිල නිවාසයක්ද ඉදි කරන ලදී. ආරම්භක විදුහල්පති එන්. බී .අමුණුගම මහතා ගෙන් පසුව දෙවන විදුහල්පති ලෙස ජයසේකර මහතා 1953 සිට 1956 දක්වා කාලය තුල කටයුතු කර ඇත.





