මප/වත්/සිරිමල්වත්ත මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Children's Day Celebration

wall paint

අපේ සමබල පෝෂ්‍යදායි ආහාර වේල

තරග

චන්ද්‍රකාන්ති ගුරුමෑනියන්ගේ විශ්‍රාම ගැනීම

wall paint

INFINITY 2025

ඉන්ද්‍රාණි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

WhatsApp Image 2025-05-21 at 12.19.28 PM.jpeg
WhatsApp Image 2025-05-21 at 12.19.28 PM.jpeg

ශ්‍රී දළදා වහන්සේගේ පහස ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජධානියේ සෙන්කඩගල පුරවරයේ උයනක්ව පැවති සිරිමල්වත්ත යන නමින් දැනට හඳුන්වන සුන්දර ගම්මානයක කුඩා කඳු ගැටයක් මත මෙම සිරිමල්වත්ත යන නමින් දැනට හදුන්වන සුන්දර ගම්මානයක කුඩා කදු ගැටයක් මත මෙම විදුහල පිහිටා ඇත.

මෙම විදුහල ආරම්භ කර ඇත්තේ 1952 වර්ෂයේය. මෙම විදුහල ආරම්භ කරන අවස්ථාවේ තිබී ඇත්තේ පොල් අතු මඩුවක් පමණි. එම පොල් අතු මඩුව ඉදි කිරීම සඳහා ඉඩම ලබා ඩී ඇත්තේ  එවකට එම ප්‍රදේශයේ ජීවත් වූ දානපතියෙක් වූ ඩිංගිරි බණ්ඩා මහතාය. විදුහලේ ආරම්භක ගුරුවරයා මෙන්,ම එකම ගුරුවරයා වූයේ එන්.බී. අමුණුගම මහතා වන අතර ආරම්භයේදී අධ්‍යාපනය ලබා ඇත්තේ ශිෂ්‍යාවන් 24 දෙනෙකි.

ගම්මානය තුල පාසලක් ආරම්භ කිරීමේ අදහස ඇති වීමෙන් පසු ඒ පිළිබඳව මහත් වෙහෙසවී කටයුතු කල අය ගැන විදුහල් ඉතිහාසයේ සඳහන් වේ. ඒ ඇය අතර ඉඩම පරිත්‍යාග කල එච්.එම්.බී. ඩිංගිරි බණ්ඩා සමග ටී.බී. සමරතුංග (හිටපු ගම් සභාපති), කෝන්ගහගේ  මහතා, සමරකෝන් මහතා, රිචඩ් සමරනායක මහතා , ජෝර්ජ් ගැට්ටේපොළ මහතා, එච්.එම්.බී. මුදලිහාමි මහතා, ආර්.ඒ.පොඩි අප්පුහාමි මහතා,  එම්.එල්. අබේරත්න මහතා පුංචි බණ්ඩා මහතා, විලියම් සිංf[da මහතා, කොරනේරිස් මහතා, සේගු මහතා, ජෝන් සිංf[da මහතා හා කළු බණ්ඩා මහතා යන අය විශේෂයෙන් සඳහන් කල හැක.

 මෙලෙස ආරම්භ කරන ලද පාසල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමත් සමගම ස්ථීර ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඉඩම් ලබා ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇත්තේ එවකට අගමැතිව සිටි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය. ඒ අනුව සන්දනන් පුල්ලේ මහතාට අයත්ව තිබු ඉඩමෙන් අක්කර 4 ක ප්‍රමාණයක් රජයට පවරා ගෙන මෙම විදුහලේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා වෙන් කරන ලදී.

එසේ ස්ථීර ඉඩම වෙන් කර ගැනීමෙන් පසුව 1955 වර්ෂයේ ප්‍රථම ගොඩනැගිල්ල සඳහා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී හා ස්වදේශ කටයුතු භාර ගරු ඇමති ඒ. රත්නායක මැතිතුමා විසින් මුල් ගල තබන ලදී. එම ගොඩනැගිල්ල සාදා නිම කර සිසුන්ගේ ප්‍රයෝජනය සදහා විවෘත කිරීමත් සමගම විදුහල්පතිවරයා සදහා නිල නිවාසයක්ද ඉදි කරන ලදී. ආරම්භක විදුහල්පති එන්. බී .අමුණුගම මහතා ගෙන් පසුව දෙවන විදුහල්පති ලෙස ජයසේකර මහතා 1953 සිට 1956 දක්වා කාලය තුල කටයුතු කර ඇත .

තුන් වන විදුහල්පතිවරයා ලෙස සුරියආරච්චි මහතා 1956 සිට 1960 දක්වා කටයුතු කර ඇති අතර හතර වන විදුහල්පතිවරයා ලෙස වික්‍රමසිංහ මහතා සේවය කර ඇත.

ඉන් අනතුරුව මෙම විදුහලේ විදුහල්පති ධුරය හොබවන ලද්දේ ඩී .ඒ .එස් .දසනායක මහතාය . මෙතුමා 1965 සිට 1968 දක්වා වසර 3 ක් සේවය කළේය.  මෙකල වත්තේගම පාර්ලිමේන්තු මන්ත්‍රී වන ආර්.ජි.ජි .සමරනායක මහතා විසින් මෙම විදුහලට තවත් ගොඩනැගිල්ලක් ලබා දෙන ලදී . 1968 සිට 1972 දක්වා සිව් වසරක කාලයක් කේ .බී . විජේරත්න මහතා විදුහල්පති ලෙස කටයුතු කළේය .

මෙම අවධියේදී විදුහල් අභිවෘද්ධිය සදහා අත්‍යවශ්‍ය අංගයක් වන ගුරු දෙගුරු සංගමය ආරම්භ කර අනතුරුව එම සංගමය මගින් පාසලේ ලිඳ ඉදි කරන ලදී. 1972 ජනවාරි 01 වැනි දින සිට ජනවාරි 31 දක්වා විදුහල්පති ලෙස සේවය කරනු ලැබුවේ එම් .ඒ .වර්ණසුරිය මහතා ය . 

1972 ජනවාරි 31 සිට 1975 වර්ෂය අවසානය වන තෙක් විදුහලේ අට වන විදුහල්පති වරයා ලෙස එල්. බී. දිසානායක මහතා සේවය කර ඇත . මෙතුමාගේ කාලයෙන් පසුව පියදාස ගොඩගේ මහතා විදුහල්පති ලෙස කටයුතු කළේය. මෙතුමා 1967 ආරම්භයේ සිට 1986 ඔක්තොබර්ර් 25 දක්වා දස වසරකට ආසන්න කාලයක් විදුහලට ඉමහත් සේවාවක් කර ඇත .

පොල් අතු මඩුවකින් ආරම්භ වූ මෙම විදුහල මේ යුගයේදී මහ විදුහලක් බවට පත් කෙරිණ . එසේම ප්‍රථම වරට මලල ක්‍රීඩා, උත්සවයක් පවත්වන ලද්දේ මෙම වකවානුවේදීය . අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විෂය ධාරාවන් ආරම්භ කිරීම පාසල් දියුණුවට හේතුවක් විය . එම නිසා මෙම විදුහල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් බවට පත් විය . පියදාස ගොඩගේ මහතා ගේ හදිසි අභාවයත් සමග 1986 ඔක්තොබෙර් 25 වැනි දින සිට 1999 අප්‍රේල් 01 වැනි දින දක්වා වසර 13 ක කාල සීමාවක් විදුහල්පති ලෙස පී .ආර් .ඩබ් .තිලකරත්න මහතා කටයුතු කරනු ලැබ ඇත . මෙම යුගයේදී නව දෙමහල් ගොඩනැගිලි දෙකක් ඉදි කල අතර එම ගොඩනැගිලි සංකීර්ණයට ගෘහ විද්‍යාගාරයක්  ද , කෘෂි විද්‍යාගාරයක්ද , නර්තන අංශය සදහා කාමරයක් ද , පුස්තකාලයක් ද ලැබීම විද්‍යාලය ලබා ගත් ජයග්‍රහණයක් ලෙස දැක්විය හැකිය . තිලකරත්න විදුහල්පතිතුමාගේ යුගයේදී විදුහලට දුරකථන පහසුකම් ලබා ගත් අතර එතුමාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරුණු පාසල් සමුපකාරයේ අනුග්‍රහයෙන් විද්‍යාලය තුළ අභ්‍යන්තර ඇමතුම් පද්ධතියක් ද සවි කරන ලදී .

2006/10/19 සිට 2009/06/11 දක්වා යූ .මැටිවිලිය මහතාත් අවුරුදු 02 මාස 09 ක කාලයක් විදුහල්පති ධූරය දැරීය. ප්‍රදේශයේම උපත ලද අයෙකු විදුහලට ඉහළ සේවයක් කිරීම මෙතුමන්ගේ අදහස විය . ඒ අනුව තව පියවරක් ඉදිරියට තබමින් සියළුම අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කර එම කෙටි කාලය තුළ සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කරන ලදී .

2009 /06/12 සිට 2012 /12/31 දක්වා ආර්. එම් . එස් . රත්නායක මහතා  අවුරුදු  01 මාස 06 දින 19 ක සේවා කාලයක් විදුහල්පති ධූරය දරමින් පාසලේ ඉදිරි ගමනට මහත් ශක්තියක් ලබා දෙමින් කළ මෙහෙය ඉතාමත් අගය කළ යුත්තකි. 2010/12/31 දින ආර් .ජී . කරුණාරත්න මහතා විදුහල්පති ධූරයට පත් විය . එතුමා පාසලේ අධ්‍යාපනය ඉහල නංවමින් ඒ හා සමාන්තරව ක්‍රීඩා අංශයෙන්ද විද්‍යාලයට ජයග්‍රහණ ගෙන ඒමට සැලසුම් සකස් කර ඇත .

2011 සිට 2016 වර්ෂය දක්වා නර්තන අංශයෙන් සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් විය . වත්තේගම අධ්‍යාපන කාර්යාලයේ උපරිම සහය ලබා ගනිමින්

  • නෙට්බෝල් ක්‍රීඩාව ද
  • වොලිබෝල් ක්‍රීඩාව ද
  • චෙස් ක්‍රීඩාව ද
  • බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාරයද
  • බටහිර තූර්ය වාදක කණ්ඩායමද
  • ශිෂ්‍ය භට කණ්ඩායම ද

පවත්වා ගෙන යනු ලැබේ. මේ සදහා පාසල් නගා සිටුවීමේ වැඩ සටහන යටතේ දෙගුරුන්ගේ ආදී සිසුන්ගේ සුභ පතන්නන්ගේ සහයෝගය ඉහල මට්ටමක පවතී . ගුරු සිසු ප්‍රජා දෙමාපිය සයෝගය ලබා ගනිමින් 2014.06.26 දින දක්වා එල්.එස්. දන්තනාරායන මිය  විදුහල්පති ධූරයේ වැඩ භාර ගත් අතර ඉදිරි කාලීන සැලසුම් මනා ලෙස ඉටු කරමින් පාසලේ උන්නතියට කටයුතු කරමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත විය. එබැවින් 2015.011.26 දින සිට එම්.එම්.ආර්.එම්. ගවරම්මාන මිය විදුහල්පති ධූරයේ වැඩ භාර ගත් අතර මේ වන විට පාසලේ අවශ්‍යතා බොහොමයක් ඇය විසින් සපුරා ගෙන ඇත. 2023.02.24 දින සිට  විදුහල්පති ධූරයේ වැඩ භාර ගත් එච්.ඒ.බී. කවිසේකර මහතා මේ වන විට පාසලේ ඉදිරි දියුණුව උදෙසා සැලසුම් සකස් කරමින් ඒවා සාර්ථක කර ගැනීම උදෙසා කටයුතු කරමින් සිටියි.

ආරම්භ කළ වර්ෂය

1952

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

24

මුල් ගුරුතුමාගේ නම

එන්.බී. අමුණුගම මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

 සිරිමල්වත්ත මහා විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1955

පාසල පැවැත්වූ ස්ථානය

සිරිමල්වත්ත යන නමින් දැනට හදුන්වන සුන්දර ගම්මානයක කුඩා කදු ගැටයක් මත මෙම විදුහල පිහිටා ඇත.

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1952